¡La nueva aplicación de Alison ya está disponible en iOS y Android! Descargar ahora

ඔබේ භාෂාවෙන් මෙම පිටුව බලන්න:
  • English
  • Spanish
  • French
  • Italian
  • Portuguese
  • Polish
  • Sinhala
  • Tamil
  • Chinese
  • Arabic

Alison හඳුන්වාදෙන ‌නොමිලේ
අධ්‍යාපනය ලැබිය හැකි ඉංග්‍රීසි ඉ‌‌‌ගෙනුම් මධ්‍යස්ථානය!

ඔබ ඉංග්‍රීසි භාෂාව ‌දෙවන භාෂාව ‌ලෙස ඉ‌ගෙනීමට ප්‍රථම පියවර තබනවා විය හැක. නැතහොත් ඔබ ඔබගේ ව්‍යාපාර සඳහා ඉංග්‍රීසි භාෂාව දියුණුු කර ගන්නවා විය හැක. එහෙමත් නැත්නම් ඔබ ඉංග්‍රීසි භාෂා කුසලතා දියුුණු කර ගැනීමට බලා‌ෙපොරොත්තු වන අයෙකු විය හැක. ඒ කුමන ‌හේතුවකට වුවත් ඔබට ගැලපෙන ඉංග්‍රීසි පාඨමාලාව අප සතුව ඇත.

ඉංග්‍රීසි භාෂා පාඨමාලා 60කට වඩා වැඩි ප්‍රමාණයකින් ‌තෝරා ගැනීමට හැකි Alison හි ‌‌ඉංග්‍රීසි භාෂාව හදාරා සහතික ලබා ගත් ලොව පුරා සිටින මිලියන 2 කට අධික සිසුන් සමඟ එකතු වන්න.


සියලුම ඉංග්‍රීසි භාෂා පාඨමාලා බලන්න
Learn English with Alison

නොමිලේ අන්තර්ජාලය හරහා ඉංග්‍රීසි පාඨමාලා ඉ‌ගෙනීමට ඇති පුළුල් ‌ගොන්නක් වන Alison හි ඉංග්‍රීසි භාෂාව ඉ‌‌‌ගෙනීමේ ‌කේන්ද්‍රය හරහා ‌ලොව වැඩිපුරම කතා කරන භාෂාව ඉතා ‌‌හොඳින් ඉ‌ගෙන ගන්න. අපගේ සියලුම ඉංග්‍රීසි භාෂා පාඨමාලා විශේෂඥයින් විසින් ලියා ඇති අතර ඒවා ජාත්‍යන්තරව පිළිගත්, IELTS සහ කේම්බ්‍ර්ජ් වැනි විභාගයන් සමඟ එකඟ වේ. ඊටත් වඩා, අපගේ පාඨමාලා CEFR විසින් පිිළිගත් තත්ත්වයන්ට අනුකූල ‌වේ .

ඔබ‌ෙගේ ඉංග්‍රීසි භාෂාව ඉ‌ගෙනීමට ‌හෝ දියුණු කර ගැනීමට ඒ කුමන හේතුවක් වුවත්, ඔබට ගැලපෙන පාඨමාලාව අප සතුව ඇත. ඔබගේ දැනුම් මට්ටම අනුව ‌හෝ ඔබ දියුණු කර ගැනීමට බලාපොරොත්තුවන කුසලතාවයක් අනුව හෝ ඔබගේ පාඨමාලා ‌තෝරාගන්න. අපගේ පුළුල් පරාසයක ඇති ඉංග්‍රීසි භාෂා පාඨමාලා නිසා, ඔබට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට වෙන කොහේවත් යන්නට අවශ්‍ය නැත!

ඔබට වැඩි දියුණු කර ගත හැකි ඉංග්‍රීසි භාෂා කුසලතා වර්ග හතරකි

ඔබගේ මට්ටම තෝරන්න

ආරම්භක මට්ටමේ පාඨමාලා

ආරම්භක මට්ටම

ආරම්භක මට්ටමේ දී, ඔබට ඉතා සරල, එදිනෙදා භාවිතා කරන ප්‍රකාශණ භාවිතා කළ හැකි අතර ඔබට ඔබ ගැනම මූලික මට්ටමෙන් කතා කරන්නට පුළුවන්. අනෙක් පුද්ගලයා සෙමින් හා පැහැදිලිව කතා කරන විට සංවාදයක් පවත්වා ගැනීමට ඔබට හැකිය.

ආරම්භක මට්ටමේ පාඨමාලා
මූලික මට්ටමේ පාඨමාලා

මූලික මට්ටම

ඔබ මුලික මට්ටමේ නම්, ඔබට වාක්‍ය සහ සාමාන්‍යයෙන් භාවිතා වන ප්‍රකාශන අවබෝධ කර ගත හැකිය. ඔබට, ඔබේ පවුල, ඔබේ රැකියාව සහ ඔබ ජීවත් වන ස්ථානය වැනි සුපුරුදු මාතෘකා පිළිබඳ සරල දේවල් ගැන කතා කළ හැකිය.

මූලික මට්ටමේ පාඨමාලා
අතරමැදි මට්ටමේ පාඨමාලා

අතරමැදි මට්ටම

අතරමැදි මට්ටමේ දී, ඔබ සංචාරය කරන විට මුහුණදෙන ‌බොහෝ තත්ත්වයන් විසඳා ගක හැකි අතර , ඔබගේ අත්දැකීම්, සිද්ධි, සිහින, බලාපොරොත්තු සහ අභිලාෂයන් විස්තර කළ හැකිය. එමෙන්ම අදහස් සහ සැලසුම් සඳහා හේතු සහ පැහැදිලි කිරීම් ලබා දීමට ඔබට හැකි වේ.

අතරමැදි මට්ටමේ පාඨමාලා
ඉහළ අතරමැදි මට්ටමේ පාඨමාලා

ඉහළ අතරමැදි මට්ටම

ඔබට ස්වදේශීකයන් සමඟ නිරායාසයෙන් සහ ව්‍යක්ත ‌ලෙස කතා කිරීමට හැකි නම්, ඔබ ඉහළ මධ්‍යම මට්ටමේ සිටී. ඔබට පුළුල් පරාසයක විෂයයන් පිළිබඳව පැහැදිලිව සහ විස්තරාත්මකව කතා කිරීමට හැකි අතර, ආවේණික ප්‍රශ්ණයක් පිළිබඳව ඔබේ දර්ශනය පැහැදිලි කල හැකිය.

ඉහළ අතරමැදි මට්ටමේ පාඨමාලා
ඉහළ මට්ට‌මේ පාඨමාලා

ඉහළ මට්ටම

ඉහළ මට්ටමේ දී, ඔබට ඔබ පිළිබඳ ප්‍රකාශණ හොඳින් හැසිරවිය හැකිය. ඔබ සමාජ, ශාස්ත්‍රාලික හා වෘත්තීය සංවාද සඳහා නම්‍යශීලීව හා ඵලදායී ලෙස භාවිතා කරයි. ඔබ සංකීර්ණ විෂයයන් පිළිබඳව හොඳින් ව්‍යූහාත්මක හා සවිස්තරාත්මක පෙළක් ඉදිරිපත් කරයි.

ඉහළ මට්ට‌මේ පාඨමාලා

Alison සමඟ ඉංග්‍රීසි ඉගෙන ගැනීමට හේතු හයක්

ආරම්භක මට්ට‌මේ සිට ඉහළ මට්ටම

හැමෝම සඳහා අපගේ ඉංග්‍රීසි පාඨමාලා ගොන්නේ යමක් ඇත. ඉතිං ඔයාට කවදාවත් වෙන තැනක යන්න ඕනේ නැහැ.

ඕනෑම ඩිජිටල් උපකරණයකින් ප්‍රවේශ විය හැකි

ඔබ ස්මාර්ට් ජංගම දුරකථනයක, ටැබ්ලටයක, ලැප්ටොප් හෝ ඩෙස්ක්ටොප් පරිගණකයක ඉගෙන ගන්නවා වුවද, ජංගමව ඉගෙනීම ‌මෙතරම් පහසු වී නැත.

පහසුවෙන් අනුගමනය කල හැක

ඔබගේ ඉගෙනුම් ගමන හැකි තරම් සුමට ලෙස සකසා ගැනීමට, සෑම පාඨමාලාවක් තුළම ඉදිරිපත් කිරී‌‌මේ සහ ඇගයීමේ Slides පැහැදිලිව දක්වා ඇත.

ටැබ් පිටු

සෑම තිරයකම ටැබ් පිටු ඇත, එමනිසා ඔබ ඔබේම වේගයකින් බැලීමට හා අධ්‍යනය කිරීමට අවශ්‍ය කොටස තෝරාගත හැකිය.

පාඨමාලා අන්තර්ගතයන් අකුරු, පින්තූර සහ මාධ්‍යන් ‌ගෙන් සමන්විත ‌වේ

සෑම පාඨමාලාවක්ම විශේෂෙයන් නිර්මාණය කර ඇති අතර, ඔබගේ ඉගෙනුම් මාර්ගෙය් සෑම පියවරක් ම උපරිමෙයන් කියාත්මක කර ඇත.

එක්සත් රාජධානියේ සහ ඇමරිකාවේ වෘත්තීමය හඬ කවන්නන්

ඔබ ඉ‌ගෙන ගන්නේ සහ පුහුණුවන්නේ සැබෑ සහ උසස් තත්ත්වයේ කථන ඉංග්‍රීසි බව ඔබටම විශ්වාස කළ හැක.

Learn with Alison